හනිමූන්
ඒ මගෙ මගුල් දවස.කොළඹට ඈත ඈත චන්ද්‍රමණ්ඩලේක ඉපදුන මට යමක් කමක් යන්තමට තියන පවුලක ඉපදෙන්න වාසනාව ලැබුනට කොටින්ම අපි පොශ් ඩයල් නෙමෙයි.
ඉගෙන ගෙන යන්තන් දෙයියනේ කියන්න පුලුවන් තැනකට ආවත් ඒ මහාචාර්‍ය පට්ටම් වලින් නෙමේ.
ඒ නිසා මේ සිද්දියට මුල්වෙන හෝටල් සංස්කෘතිය මට ඒ තරම් හුරු දෙයක් උනේ නෑ.
කොටින්ම ගමේ හෝටලෙන් කෑම එකක් ඉල්ලගෙන කාපු මට තරු දිලිසෙන හෝටල් ගැන තිබ්බ අවබෝදෙ බින්දුවයි.ඒ කියල මැරෙන්නයෑ.හනිමුන් එකට සෙට් කරගත්තෙ ටිකක් ඒ වගේ හොටෙල් එකක්.ඒක ඉතින් ට්‍රෙන්ඩ් එකට කරපු වැඩක්.
අපි කියල හැමදාම එකම ළිදේ ඉන්නයෑ.ගොඩ එන්නත් එපැයි.
මොනව උනත් මන් පෙර සූදානමකට ලක් උනා.ඔක්කොමත් හරි මට ශුවර් එකක් නැත්තෙ රෙස්ටෝරන්ට් එක පාවිච්චිය තමා.
ඒ නිසා මොකටත් කියල කලින්ම යූ ටියුබ් රාජයාගෙන් වැද අසාගත්තා රෙස්ටුරන්ට් එතික්ස්.
කොහොමද යන්නෙ.කොහොමද වාඩිවෙන්නෙ.කොහොමද හැන්ද ගෑරොප්පුව පාවිච්චි කරන්නෙ.කොහොමද කන්නෙ.
ඔන්න ඔය වගේ ඒවා.මේක කියවන කෙනෙක්ට ඒව නිකන් සරල දේවල් වෙන්න පුලුවන්.ඒත් ඒ වෙනකොට මට ඒවා මහා කාරණා.නම්බුව රැකගෙන එන්නත් ඕන.ඒ නිසා හනිමුන් එකේ අනෙක් කාරණා වලට වඩා ඒක තමා මට තිබ්බ ටාගට් එක
කොහොම හරි දවස නිමකරල එයයි මායි හොටෙල් එකට ආව.මෙන්න මේක තමයි දවස උනාට අපි ඩබලම හිටියෙ පාන් කියාගන්න බැරි තරම් හෙම්බත් වෙලා.කාමරේ අස්සෙ තිබ්බ ඩෙකරේශන් අරව මේව මොකක්වත් අපිට වැදගත් උනේ නෑ.කාල සැපට නිදියන උවමනාව නම් තිබ්බා දෙන්නම අනෙකට නොකිව්වට
ඔන්න ඔහොම ඉන්න අතරෙ දොරට තට්ටුවක්.මන් දොර ඇරියා
"සර්.ඩිනර් වලට පහලට එනවද.අපි රූම් එකට ගේන්නද?"
යකෝ මෙච්චර දෙයක් කරල කාමරේ අස්සෙ හිරවෙලා කන්න ඕනයෑ
"අහ් නෑ.අපි එන්නම්."
"එහෙනම් සර් මේ මෙනු එක බලල ඕඩර් කරන්න"
මන් එ මහා පතරංගෙ අරන් බැලුවා.යන්තමට රෙස්ටුරන්ට් එකකට ගිහින් මෙනු එකක් බලල මික්ස් රයිස් එකක් චොප්සියක් ඕඩර් කරගෙන කාල තිබ්බ පලපුරුද්දට රයිස් කියල තියන කොටස හොයාගත්තා.
මතක විදියට ඒකෙ තිබ්බෙ ගාලික් රයිස් විත් චිකන් බ්ලා බ්ලා,, ෆිශ් බ්ලා බ්ලා
වැඩි වෙලා අරන් පච වෙන්නත් බැරි නිසා අභිනව බිරින්දෑට ෆිශ් කේස් එකකුත් මට චිකන් කේස් එකකුත් ඕඩර් කරා
පස්සෙ ලාවට ඇහුවා මේකෙ ෆ්‍ර්රයිඩ් රයිස් එකක් තියනව නේද කියල.
ඔන්න අදාල වෙලාව ආව.අපි පහල තිබ්බ රෙස්ටොරන්ට් එකට ආව.වෙලාවට ඒ වෙලේ අපි ඩබල විතරයි.මෑන් කෙනෙක් ඇවිත් අපිට සුබ පැතුවා.
මෙතනින් එහාට තමා කතාව පටන් ගන්නෙ.
මෙන්න අපිට ගෙනත් තිබ්බ සුප් භාජන දෙකක්.එහෙම සීන් එකක් ලාවට මතකයි යූ ටියුබ් එකේ.ඒ නිසා ඩබල සුප් එක බිව්ව ටිකක් වගේ.දැන් මේක බීල ඉවරයි කියන්න ඕනද නැද්ද දන්නෑ.සැකෙන් ඉන්නකොට ඔන්න ඇවිත් ඒක අරන් ගියා.ඊ ගාවට මොනාදෝ පොඩි පොඩි බනිස් කෑලි වගේකුයි චීස් කෑලි වගේකුයි.
යකෝ මුන්ට අපේ මෙනු එක මාරුවෙලාවද්ද.අපි මෙව්ව ඕඩර් කරේ නෑනෙ.මල කෙලියයි.මන්නන් අත තිබ්බෙ නෑ ඒකට.අනේ ඒ නිසා ප්‍රියම්බිකාවත් අත තිබ්බෙ නෑ.ඒත් රහසින් මොන මොනාද කිව්ව.මන් නෑසූ කන්ව හිටියා.ටිකකින් අර මෑන් ආව.
"මේව අරන් යන්නද සර්."
"ඔව් අරන් යන්න."මන් පැනපු ගමන් කිව්වා
හම්මේ ඇති යන්තන්.ඔන්න එනව අපේ ඕඩර් එක.ලස්සනට වහපු පිඟන් දෙකක් අපි දෙන්නට ගෙනත් තිබ්බා.
එව්ව ඇරියම තමයි තරු විසි උනේ.කෝ යකෝ මේකෙ රයිස් එකක්????
මට තිබ්බෙ පත..... චිකන් කෑල්ලකුයි ඒ වටේට දාපු මොන මොනවද සුදු පාට සෝස් වගේකුයි තව අනම් මනන් කොළ වගේකුයි
වයිෆිට ඒකෙම ෆිශ් වර්ශන් එක.
මලේ මල මගුලයි.දැන් මක්කෙයි කරන්නෙ.කරන්න දෙයක් නෑ.අර ඩයල් එකත් ටිකක් දුරීන් හිටගෙන එකත් පස්ව බලන් ඉන්නව.ගත්ත ගෑරොප්පුවයි පිහියයි අතට.හැකි පමණ කප කපා කෑවා.රෑට නැත්තන් බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ.හනේ මෙහෙමත් හනිමූන්
වයිෆිට ඒ තරම් අමාරු උනේ නෑ.මාලු කෑල්ලක් කඩාගන්න එක ලේසි චිකන් කෑල්ලක් කඩනවට වඩා.
දැන් දෙන්න කනවට කනව.මේ වෙලාවෙ අර මෑන්ට තේරුනාද නැද්ද මන්දා පොර ආව.
"සර්.රයිස් ඩිශ් එකක් ගෙනත් දෙන්නද?"
ගෙනත් දියන් මිනිහෝ..රයිස් කන්න තමා ආවෙ.මන් එහෙම හිත හිතා හා කිව්ව
අන්තිමට තේ කෝප්ප පීරිසිකේට බත් ටිකක් ගෙනත් දුන්නා.ඒක දාගෙන අර සුදු ලූනු රහේ අප්පිරියාවෙන් ඒත් කරන්න දෙයක් නැති කමට යන්තන් ටිකක් බැස්සුවා.ඒකල්ල ඩබලම බෝම සතුටෙන් වගේ හිටිය.
අම්මාහ්.යන්තන් අරය ඇවිත් ඒ සෙට් එකත් ගෙනිච්චා.එතෝට දැන් ඉවරද.?අපි යන්ඩ ඕනද.?උභතෝකෝටික ප්‍රශ්න ඕයි මෙව්ව.
මොකටත් බොරුවට වගේ අපි ඩබල කයියක් ගහන් හිටියා.ඒ කාලෙ ඔබන්න කියලා ස්මාර්ට් ෆෝන් එකක් කියල එකක් නෑ.අපරාදෙ තිබ්බනම් ඒ කුජීත මොහොත රූපගත කරගෙන එන්න තිබ්බා.
ඔන්න ඔහොම ටිකක් වෙලා යද්දි මෙන්න දේව වරමක් ටේබල් එකට ආව.පළතුරු ප්ලේට් දෙකක්.
දෙයියො බැලුව හා සමානයි.
මදි නොකියන්න ඒ දෙකනම් හිස්කරේ හැන්ද ගෑරොප්පුවේ කෙල පැමිණි අය විදියට.එහෙම.නූනනන් එදා සදා අනාතයි.
අන්තිමට අරූ ආව.
"සර් ඩිනර් එක කොහොමද?"
තොගෙ ආච්චිට යකෝ තෝ බලන් හිටිය නේද අතන ඉඳන්.කාපු හැටි දැක්කනෙ.ආය අහන්ඩ දෙයක් තියනවද ඒ ගැන.ඇයි යකෝ........
එහෙම කියන්ඩ ඇඟට ආව මෙව්ව.එක හංගගෙන
"එක්සලන්ට්.නියමයි.තැන්ක් යූ" කිව්ව
"සර් බ්‍රෙක්ෆස්ට් එක?"
"අහ් ඒක රූම් එකට ගේන්න."
"මෙන්න සර් මෙනු එක."
තියාගන් බොගෙ මගුලෙ මෙනු එක.අපිට ඉඳි ආප්ප ගෙනෙන් හෙට.
මන් අන්න ඒක බොහොම සාන්තව ඕඩර් කරල දනිපනි ගාල රූම් එකට ආව.ආවත් හරි බඩ දඟලනව ඉන්න බෑ.අන්තිමට වොශ් රූම් ගිහින් ඇඟිල්ල අණ්නශ්‍රෝත ගත කරල ඒ ඉන්කම්පැටිබල් ආහාර ද්‍රව්‍ය සියල්ල සින්ක් ගත කරා.
අවසානේ බොහොම සතුටින් හිස් බඩ නිදාගත්‍තා.වයිපරේට නම් එහෙමටම ඒක නොදිරව්වෙ නෑ.
හැබැයි අවසානෙ තේරුම් ගත්තා බොරු සෝබනේට නොදන්න දේවල් නාහා ඉන්නවට වඩා ලැජ්ජාව පැත්තක තියල ඒක අදාල කෙනාගෙන් අහගන්න එකෙන් ගොඩක් දේවල් ලැබෙනව මිසක් නැතිවෙන්න දෙයක් නැති බව
කතෘ-සයුරු ආමන්ත
අන්න කතා ...මරු ආ...
ReplyDelete