එරන්දි 1
"බැහැපිය බැල්ලි එලියට,මෙතන අවජතකයෝ වදලා තව එනවා අපිව හොයාගෙන"
"අනේ බුදු සර්..මට සාධාරනයක් කරන්න......."
"උඹලා වගේ ගෑනුන්ට මොන සාදාරනකම්ද ඕයි,පලයන් යන්න දෑහට නොපෙනී"
"සුරංග,කව්ද ඕයි මේ,කියපන් මිනිහො,කව්ද මේ ගෑනි?"
මුකුත්ම නොකියා ඒ සුවිසාල ගේට්ටුවත් වහගෙන එලියට ආපු මම හිටිහැටියෙම නතර උනා.ලොකු සල්ලි කාර මිනිස්සු ඇයි පොඩි මිනිහටම දුක් දෙන්නේ,ඇයි එදා එහෙම දෙයක් උනේ?
"මොනවද කල්පනා කරන්නේ.මුලු කතාවම කියනවා,සමහරවිට මට පුලුවන් වෙයි ඔයාව බේරගන්න.මොකද බඩේ දරු පැටියෙක් තියාගෙන හිරේ ලගින්න බැහැනේ නේද?"
"අනේ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ,මට සමාව දෙන්න....."
මගේ ලගට ගෙනාපු වතුර වීදුරුව එක උගුරට බීපු මම ආයෙත් ගමන් විඩාව නිවෙන්නත් කලින් අතීතෙට ගියා..
මම එරන්දි,වයස අවුරුදු 18යි.ඉගෙනීම මට අකැපයි.එක්කෝ මට ඒක අහිමියි.කොච්චර පාඩම් කරත් මතක නොහිටපු මේ කරුම ජීවිතේ O/L ඉවර උනු ගමන් මාව රස්සාවකට දාන්නයි මගේ මාමාට ඕනි උනේ.ඒත් ඒ මිනිස්සු වැරදී කියන්නත් බෑ,තාත්තා අම්මව දාල යද්දී,අම්මා ඒ දුකට වහ බීලා මැරෙද්දි මගේ පව් කරගහන්න උනෙත් මගේ මාමාටමයි.ඉතින් ඒ මිනිහත් කුලී වැඩක් කරල හම්බකරන සොච්චමෙන් මට කන්න බොන්න දෙනවා.මම වෙන දෙයක් ඉල්ලන්නේ කොහොමද?ඇදුම් සෙරප්පු එකම එක හැමදාම දදා ගෙවපු ජීවිතේ කොච්චර කාලකන්නිද?ඕනි කෙල්ලෙක් ආසයි ලස්සනට අදින්න.මාල මුදු දාන්න.ඒත් කෝ මට එහෙම පිනක්.සල්ලි සල්ලි සල්ලි සේරටම මුල සල්ලි.
"මම උබට රස්සාවක් හොයලා දෙන්නම්"
"හ්ම්ම්"
"උබටත් අනාගතයක් එපැයි."
"හ්ම්ම්"
"හ්ම්ම් හ්ම්ම් නෙවෙයි.දෝනි හවසට ලෑස්තිවෙන්න.හොයාගමු රස්සාවක්.මම දන්න මහත්තයෙක් ඉන්නවා."
"හා"
නැතුව මාමාට බෑ කියන්නද?
මහ මූසල හැන්දෑවක්.බාගෙට බහින ඉර පේන මුහුදු ඉවුරු පහුකරලා වැහිපොද වැටෙන දූවිලි පාරක අන්තෙටම ඇවිත් මෝටර්සයිකලේ නැවැත්තුවාම මට දැනුනේ මහා කාලකන්නි කමක්.මමයි මාමායි බයිසිකලෙන් බැහැලා විශාල මාලිගේක ගේට්ටුවක් ලග නතර උනා.
"සුරංග මහත්තයා..........සුරංග මහත්තයා.........."
පොඩි වෙලාවකින් එලියට ආවේ කලු මහත අවුරුදු 40ක වගේ පෙනුමක් තියෙන මනුස්සයෙක්.
"ආ..මේ අපේ ප්‍රියන්තනේ."
ඒ කටහඩ.මගේ කන් දෙකේ තාමත් රැව් දෙනවා.මම මගේ ජීව්තේ අහන්න අකමැතිම,ගොරෝසුම කටහඩ ඒක.මාව විනාස කරපු කටහඩ.ඒ කටහඩින් කරපු යෝජනාවට 'හා' කියපු මගේ ගොන්කම.මෝඩකම.උබ නම් මහ මෝඩ ගෑනියෙක් එරන්දි.මට මගේ මාමා ගැනත් වෙලාවකට වෛරයක් එනවා.ඒත් එයා නේද මාව හදාගත්තේ මෙච්චරකල්.
"මහත්තයා මම කිව්වේ මේ ලමයා ගැන.."
එහෙම කියපු මාමා මාව පෙන්නුවා,මාත් කට පුරවලා හිනාවුනා,මොකද අනාගත බොස්නේ.
පුහ්.ඔව් ඔව් බොස්,බොස් නෙවෙයි,ඕකා වගේ පාහර බල්ලෙක් ලෝකෙම නැතුව ඇති.
සමහර වෙස්මූනූ තියනවා.ඒ මිනිස්සු මැරෙන කල්ම ඒවා ගලවන්නේ නෑ.මේ මිනිහටත් තිබ්බේ එහෙම වෙස්මූනක්.ඒ වෙස්මූනට පැරදුනු කොච්චර මිනිස්සු තව ඇත්ද.ඒත් සුරංග සර් උබේ මහ ලොකු වෙස් මූන ගැලෙව්වේ මම.ඔව් අවුරුදු 18 මම.උබ අවුරුදු 20ක් විතර හොයපු කළුසල්ලි සේරම එක රැයෙන් කඩදාසි ගොඩක් වුනා නේද?මට මම ගැන ආඩම්බරයක් වගේම මහ කාලකන්නි කමකුත් දැනෙනවා.ආඩම්බර? මොකටද උබ ආඩම්බර වෙන්නේ? උබ ජීවිතේ වරද්දගෙන ඉවරයි එරන්දි.දැන් මගේ කතාව අහල සමහර විට පොලිසියෙන් මාව පරිවාස යවයි.නැත්නම්......අනේ මන්දා වෙන දෙයක් වෙයි.
"ප්‍රියන්ත,දැන් රස්සා අමාරුයි.බලමු, රෑ වෙලා කැෆේ එක පැත්තේ එවන්න.මම මොකක් හරි කරන්න බලන්නම්."
"හරි මහත්තයා"
ඒ ඩක ඩක බයිසිකලේ ගෙදරට එනකල්ම මම හිතා හිතා ආවේ මට ලැබෙන්න යන රස්සාව ගැන.අතුගාන්නද දන්නෑ.අපෝ ඒවා නම් බෑ.ඒත් මට උයන්නත් බැහැනේ.කමක් නෑ.රෑ වෙලා ගිහිල්ලා හම්බෙලාම බලනව.
මුලු ටවුම පුරාම තියෙන රත්තරන් එලි මැද්දෙන් කිසිම වටිනාකමක් නැති මම ඉස්සරහට පියමැන්නා.කියාපු තැන නැවතුනු මම වටේම බලලා හිමීට ඇතුලට ගියා.
"අහ් මේ උදේ ආපු දුව නේද?"
මාව ගැස්සුනු ඒ කටහඩේ අයිතිකාරයා දිහා බලපු මම,
"අහ්හ්,ඔව්,සුරංග මහත්තයා ඉන්නවද?"
"මහත්තයා දුවට කිව්වා කාමරේට ගිහිල්ලා ඇදුම් දාගෙන එන්න කියාලා හෝල් එකට"
"අහ්හ් හා අංකල්"
එහෙම කියපු මම ඒ මනුස්සයා පෙන්නපු කාමරෙට ගියා.ලස්සන කාමරයක්.මම ඇතුලට ගිහිල්ලා කියාපු ඇදුම දිහා බැලුවා.
යකෝ,මම කොහොමද මේක අදින්නෙ,පොඩි බලහන්කො.
ඒත් දැන් ඔයෙ නටන්න කියන්නේ මේව ඇදගෙන වෙන්න ඇති...
තිබුනු මල් වැටුනු ලා පාට ගවුම ගලවපු මම ඒ කලු දිලිසෙන ගවුම ඇදගත්තා.හරිම හිරයි,ලොකු මහන්සියක් අරගෙන උපරිම පහලට කරගත්තා,ඒත් දණහිසෙන් උඩට වියතක් විතර..මොනා කරන්නද.අමාරුවෙන් ගියා,ඉරෙයිද කියලත් බයයි.
කාමරෙන් එලියට ආපු මම යන්න ඕනි පැත්ත හොයගන්න බැරුව එහෙ මෙහෙ බල බල පැයක් විතර ඉදියා.මේක හරියන් නෑ කාගෙන්හරි අහන්න වෙනවා.
"එක්ස්කුයිස් මී,හෝල් එකට කොහෙන්ද යන්නේ"
ඒ වෙලාවේ වෙච්ච දේ මට හිතාගන්නවත් බැරි වුණා.මම ඒක අහල තියෙන්නෙ අපේ ඉස්කෝලේ ගනන් සර්ගෙන්..පව් පිට පව් කියන්නේ මේවට වෙන්න ඇති.
"ආ මේ එරන්දි දුව නේද?,දුව මොකද මෙහෙ කරන්නේ?"
"අහ්හ්.සර් මම මේ.."
මට ඊට වඩා කියන්න ලැබුනේ නෑ.කරුම පිට කරුම වලින් මගේ ජීවිතේ පිරිලා තියෙන නිසාද කොහෙද මෙතනටත් ඒ නියමය බලපෑවා.
මොකුත් කියන්න නොතියාම එතනට සුරංග සර් ආවා.
"හලෝ,ප්‍රදීප් මේ ඉන්නේ අපේ අලුත් කෙනා,කොහොමද වැඩ කෑල්ල."
මට ඒ වෙලේ පොලව පලාගෙන යන්න හිතුනා.මොනා නම් කියන්නද? සුරංග සර් අමුතුවට මම දිහා බැලුවා.මට හිතුනා ආයේ මූ අහයි කියලා මොකද මෙහෙ කියලා.එහෙම උනොත් මමත් කියන්න ඉදියේ සර් ඔයා මොකෝ මෙහෙ කරන්නේ කියලා.ඉතින් ඌ කියයි මම කොල්ලෙක්නේ මහ මිනිහෙක් කියලා.
කොහොමත් හුගක් පිරිමින්ගේ අන්තිම නිදහස් කාරනාව ඒක.
මම කොල්ලෙක්නේ...
එහෙම කියලා සේරගෙන්ම බේරෙනවා.
ඊලගට මොනා වෙයිද කියලා මට හිතගන්න බැරුව ඉදියේ.
"අයියෝ සෙක්සි,ඔයා යන්න අර පඩිපෙල ගාව හෝල් එකට"
"මොකක්ද බල්ලෝ උබ කිව්වේ?"
එහෙම කියන්න හිතුනත් මම කිව්වේ නෑ.
බිම බලාගෙන කාමරේට යන ගමන් මට මැවුනා මගේ හෙට දවස.
ගනන් සර් කාරයා මට ගනන් බෑ කියලා කොල්ලො මැද දීපු ආතල් ඇති,ඒ මදිවට මූ ඒවා ගෙවල් පැත්තේ උන්ටත් කියලා.
ගනන් බෑ කියලා එහෙම උනා නම් මේකට වෙන දේ මරු.
මාමා දැන ගත්තම තවත් මරු.
හුගක් කතා මැද මම හෝල් එකේ දොර භාගෙට ඇරලා ඇතුලට ඔලුව දැම්මා..
"හලෝ මයි ගර්ල්, කම් හිය්ර්, කම් කම්"
මොකක්ද යකෝ මේ උනේ.මම කොහොමද උගේ ගර්ල් උනේ මෙතනින් බෙල්ල දාපු පලියට.එහෙම කියාලා සුදු ටිකක් වයසක එකෙක් ඇවිත් මාව ඇදගෙන ගියා.මට වචනයක්වත් කියාගන්න බැරි නිමේශෙන් මේ සේරම වුනා.
ඇතුල අමුතු සුවදක්.අමුතු පාට පාට එහා මෙහා යනවා.ඒ අස්සේ මට නොදැනුවත්වම මම නටනවා.
මේ අස්සේ ගනන් සර් එක්ක සුරංග කාරයත් ඇතුලට ආවා.
"මොකද යකෝ මේ,මෙන්න මෙහෙ වරෙන්"
එහෙම කියපු සුරංග සර් මාව ඇදලා ගත්තා.
මට හිතාගන්නවත් බැරි වුනා මට වෙන්න යන දේ.
"ඇයි සර් මේ?"
"වර බැල්ලී මෙහෙ"
මතු සම්බන්දයි.......
මීලග කොටස සදහා එකතු වෙන්න - https://t.me/kathalokaya
කතෘ- රවිදු රන්දීප සිල්වා. ( https://t.me/R_avi_iee )
ස්තූතියි.....
Comments
Post a Comment