එරන්දි 2
"වර බැල්ලී මෙහෙ"
"සර්"
"උබ ඉස්කෝලේ යන කෙල්ලෙක් නම් මේවට රිංගලා මාවත් අමාරුවේ දාන්නද යකෝ හදන්නේ?"
"ඉතින් සර්,සර්නේ කැමැත්ත දුන්නේ එන්න කියලා"
"තෝ ඉස්කෝලේ යනවා කියලා මම දන්නවද ගෑනියේ"
"අනේ සර් "
"හා හා අද දැන් ආපු එකනේ යන්නකො ඇතුලට"
මම ආයෙත් ඇතුලට ගියා.මම යද්දී ගනන් සර් පවා ඇතුලේ.ලැජ්ජාවෙන් ඇතුලට ගියා.
"එන්න දුව මේ හරියට"
ගනන් සර් එහෙම කිව්වෙ නැතැයි.මට මාර ලැජ්ජාව.මමත් ලගට ගියා.
ඔහොම ඉද්දි ටික වේලාවකින් අඩු වුනා ලැජ්ජාව.
"කෝ දුව බොන්න මෙකෙන් ටිකක්"
"අනේ මට බෑ සර්.සර් බොන්න"
"අයියෝ මේවට මත් වෙන්නේ නෑ බොන්න"
කොහොම හරි සර්ගේ පෙරැත්තට මම ටිකක් බිව්වා.
අම්මෝ ඇගට දැනෙන්නේ මාරම අමාරුවක්.
මට මොකක්ද මේ වෙලා තියෙන්නේ.
දෙයියනේ මගේ ඇගේ එක ඇදුමක්වත් නෑ.මට මොකක්ද මේ වුනේ
වටපිට බලපු මට මම ඉන්න තැන හිතාගන්නවත් බැරි උනා.මොකක්ද කාමරයක් ඇතුලේ.ලයිට් එලි මැද්දේ.ඔරලෝසුවක් දැකපු මම ඒක දිහා බැලුවේ වෙලාව දැනගන්න ඕනි නිසා.දෙයියනේ වෙලාව උදේ 6.30.
මොනවා?
එතකොට මම මොනවද ඊයේ රෑ 10 ඉදන් කරේ.
මම ඉක්මනටම මගේ ලග තිබුනු බෙඩ් ශීට් එකෙන් ඇග වහගත්තා.මට හිතාගන්න බැ.මට අන්තිමට මතක මම මොනාද බිව්වා ඒත් එක්කම වටේ අදුරු උනා.සර් මාව අල්ලගත්තා.එච්චරයි.
මගේ ඇග දිහා බලපු මට හිතාගන්න පුලුවන් වුනා මට වෙලා තියෙන දේ.ඒත් කවුද මෙහෙම දෙයක් කරේ.දෙයියනේ මම කොහොමද සමාජෙට මුහුන දෙන්නේ,මගේ මුලු ඇගම පුදුම වේදනාවක්.
මම මාර අමාරුවකින් නැගිට්ටා.එතනම වැටිල තිබුනු මගේ ඇදුම් වේදනාවෙන් ඇදගත්තු මම එලියට යන්න ආවා.කවුරු දිහාවත් නොබලපු මම කෙලින්ම ආවේ ගෙදර
ගෙදර එද්දි මාමා නෑ රස්සාවට ගිහිල්ලා.
මම දැන් කාටද මේව කියන්නේ,දෙයියනේ මට වෙච්ච දේ මොකක්ද.
මුකුත් හිතාගන්න බැරුව එකම තැනට වෙලා මම මම ගැනම හිතුවා.
මම අඩා අඩා මම ගැනම දුක් වුනා.
කොච්චර කෑගැහලා ඇඩුවත් මගේ දුක නිවුනේ නෑ
මෙහෙම දෙයක් හතුරෙක්ටවත් වෙන්න නම් එපා දෙයියනේ.
දැන් කරන්න තියෙන හොදම දේ පොලීසියට යන එක
වුන්ට මේක නොකියා වෙන කාට කියන්නද?
ඒත් කොහොමද මම මෙහෙම රස්සාවකට ගියා කියන්නේ..
අනේ වෙන දෙයක් වෙයි.එහෙම හිතපු මම අමාරුවෙන් ඒ ඇදුමෙන්ම එලියට බැස්සා.ගේට්ටුව අරිද්දිම මාමා ආවා කියාපී,
මම බය වුනු තරමක්......
දැන් මම කොහොමද කියන්නේ මේක.
"පර බැල්ලී තෝව හැදුවේ මේකටද යකෝ"
එහෙම කියාපු මාමා මට ගහපු කම්බුල් පාරෙන් ගව්වක් විතර දුර ගිහිල්ලා මාව වැටුනා.
හරි.සේරම දැනගෙන ඇත්තේ මාමා.
"අනේ මට සමාවෙන්න මාමේ.අනේ සමාවෙන්න,හිතලා කරේ නෑනේ මාමේ"
එහෙම කියාපු මම නැගිටිද්දීම මාමා එයාගේ ෆෝන් එක මට දික් කරා
මට හිතාගන්නවත් බැරි වුනා.
මම ඉන්න වීඩියෝ එකක්.මුලින්ම මම එහෙ ගිහිල්ලා ඇදුම් මාරු කරන එක.පස්සේ ඊයේ රෑ වෙලා තියෙන දේවල්.මට ඒව දකිද්දී හුගක් ඇඩුනා.මම මෙහෙම දෙයක් කරගන්නද මෙහෙ ගියේ.අනික මේවා දැන් කී දෙනෙක් දැකලා ඇත්ද?මගේ මුලු ඔලුවම විකාර වගේ වුනා.
ඒත් එක්කම මාමා ගේ ඇතුලට ගියා.මට ඒ වෙලේ මහ ඔලුවෙ කැක්කුමක් එක්ක ඔක්කාරේ ආවා.මාමා ආයෙත් ඇවිල්ලා මම දිහා බැලුවා.
මට තේරුනා.වෙන්න තියෙන හැම දෙයක්ම වෙල ඉවරයි.හොදම දේ මම මැරෙන එක.එහෙම හිතලා හිතේ ආවේගෙට ගේ ඇතුලට යන්න ගියපු මගේ ඇගට මාමා රෙදි බෑග් එක දමලා ගැහුවා.
"පලයන් යන්න මගේ දෑහැට නොපෙනී,බැල්ලී"
මාමා කවදාවත් මට බැනලා නෑ මෙහෙම මට ඇඩෙන කදුළු අස්සෙන් බොද වෙච්ච රූප මකාගෙන මම රෙදි බෑග් එකත් අරගෙන එලියට ආවා.මුකුත් හිතාගන්න අමාරුයි.පාරෙ බැහැලා යන්නේ කොහොමද?
කීයක් ඕක දැකලා ඇත්ද?
හැම සිතුවිල්ලක්ම මැද්දෙන් මට හිතුනා සුරංග කාරයාව හොයාගෙන යන්න.එදා ගියපු ඒ මූසල පාර දිගේ පයින්ම බඩගාපු මම මුහුදු තීරෙ පහුකරලා ඒ කාලකන්නි මාලගාවට ඇතුළු වුනා.
මුකුත්ම නොකියා ඇතුලට ගියපු මට කොච්චර හිතේ හයිය තිබ්බත් කෑගහන්න තරම් කටේ හයියක් තිබ්බේ නෑ
ගෙදර බෙල් එක ගහපු මම ඒ මාලිගාව දිහා බලාගෙන හිතුවේ,මුට මොනාද අඩු?..ඇයි මූ අහිංසක මටම මෙහෙම කරේ...... එහෙම හිතා හිතා ඉද්දී මූ එලියට ආවා.ඌ මාව දැකලා හිතගන්න බැරි විදිහට මගේ දිහා බැලුවා.මම හිතේ තියෙන දුකත් එක්කම,
"අනේ බුදු සර්............................"
එහෙම කියාගෙන මම වැද වැටුනා..
"මොකද මේ?"
"අනේ සර් මට දරුවෙක් ලැබෙන්න ඉන්නවද කොහෙද?"
"ඒ කොහොමද "
"අනේ සර් මම වීඩියෝ සේරම දැක්කා.ඇයි සර් මට මෙහෙම කරේ."
"ඔය ලමයට මම වැඩට එන්න කිව්ව විතරනේ, ඊට එහා වෙන දේවල් මම දන්නෙ නෑනේ"
"ඒත් සර්නේ මේ හැමදෙයක්ම කරේ.අනේ බුදු සර් මට සාධාරනයක් කරන්න.මට දැන් යන්න එන්න තැනැක් නෑ සර්"
එක පාරටම සරම කැහැපොට ගහගෙන ඌ කියාපු කතාවට මාව ගැස්සුනා.
"බැහැපිය බැල්ලි එලියට,මෙතන අවජතකයෝ වදලා තව එනවා අපිව හොයාගෙන"
මම කොහොමද දෙයියනේ අවජාතකයො වැදුවේ.දෙයියනේ ඔබටවත් පේන්නේ නැද්ද මේවා.මම කරගත්තු දෙයක්ද දෙයියනේ මේ.......
"අනේ බුදු සර්..මට සාධාරනයක් කරන්න......."
"උඹලා වගේ ගෑනුන්ට මොන සාදාරනකම්ද ඕයි,පලයන් යන්න දෑහට නොපෙනී"
එක පාරටම ගෑනු කෙනෙක් ආවා.මම දිහා අමුතු විදිහට බැලුවා.පව් ඒ අසරන ගෑනි.මුගේ ගෑනි වෙන්න ඇති. අසරන ගෑනු. මුන් මොනාද දන්නේ?
"සුරංග,කව්ද ඕයි මේ,කියපන් මිනිහො,කව්ද මේ ගෑනි?"
මට තවත් එතන රැදිලා ඉන්න වුවමනාවක් තිබ්බෙ නෑ.
මුකුත්ම නොකියා ඒ සුවිසාල ගේට්ටුවත් වහගෙන එලියට ආපු මම හිටිහැටියෙම නතර උනා.
"දුව"
ඒ සද්දෙට මම ආයෙත් පිටිපස්ස හැරුනා.
"ආ. මෙතන ලක්ශ 10ක් තියෙනවා.තියාගන්නවා. තව ඕනි නම් මම දෙන්නම් අදාල කාලෙට.
මට මූව මරන්න හිතුනා ඒ වෙලේ.මූ තාම ඒ සල්ලි දික් කරගෙන මම දිහා බලාගෙන ඉන්නවා.
මගේ යකා උපරිමේටම අවිස්සුනා.
වටපිට බලපු මම දැක්කේ එතන ලගම තිබුනු විසිකැත්ත.
මම ඒක අරගෙන උපරිම වේගෙන් මුගේ ඔලුවට දමලා ගැහුවා.ඌ මොකෙක්ද වගේ එතනම කඩාගෙන වැටුන.
මම කරපු දේ ගැන මම පසු තැවුනේ නෑ.
ඊට එහා වෙච්ච දේවල් තාමත් හීනයක් වගේ.මට මතකයි උගේ ගෑනි දුවගෙන ආවා.
"හා හා ඇති,ඊට එහා උනේ අපේ අය ඇවිල්ලා ඔයාව මෙහෙට අරන් ආවා නේ"
පොලිස් ඉන්ස්පෙක්ටර් මහත්තයා එහෙම කියද්දී මම තවත් වතුර වීදුරුවක් බිව්වා.
මට මීට එහා ජීව්තයක් ගැන බලාපොරොත්තු වෙන්න බෑ.
"හරි ඔයෙ ලමයට තව කියන්න දේවල් තියෙනවද?"
"නෑ සර්"
"අපේ අන්තිම තීරනේ.ඔයාව පරිවාස දාන්න වෙනවා. ඊට පස්සේ නඩු ගිහිල්ල වෙන දෙයක් බලමු,දැන් ඔයා මුලින්ම ඉස්පිරිතාලෙට ගිහිල්ලා එන්න"
'''''''සාජන් නිලන්ත,මෙයාව හොස්පිටල් අරන් ගිහින් එන්න'''''''''
"ඉතින් අම්මේ,ඊලගට මොකෝ වුනේ"
ලොකු දුවගේ සද්දෙට මම එයා දිහා බැලුවා,
"පස්සේ දුවේ උසාවි ගිහිල්ලා මාව නිදොස් වෙලා ගෙදර ඇවිල්ලා ඉදියා මගේ පුංචි දූවත් හදාගෙන"
"හ්ම්ම් අම්මා හුගක් දුක් විදල තියෙනවා,මම ඒකට සාධාරනයක් කරනවා"
"අයියෝ මගේ දුව,දැනටමත් ඔයා මෙඩිකල් කොලේජ් සිලෙක්ට් වෙලානේ.මගේ පිස්සු දොස්තර දුව"
"අම්මේ අන්න තාත්තා එනෝ"
ඇස් වල තිබුනු කදුළු හංගගෙන මම මලින්ද දිහා බැලුවා.
මලින්ද අසරන වෙච්ච මාව එයාගේ කරගෙන තව දූ පැට්ටෙක්වත් හදලා මට ලස්සන ජීව්තයක් අරන් දුන්නා.
හැම පවක්ම මකාගෙන මම මේ පින් ලෝකෙට ආවේ මගේ හිතේ හයිය නිසා........
තෙරුවන් සරණයි....ජේසු පිහිටයි..
කතෘ- රවිදු රන්දීප සිල්වා.
Comments
Post a Comment